Skip to main content

ලැජ්ජා හිතුණාට මේ අත්දැකීමටත් මුහුණ දෙන්න ඕන


ළමාවිය ඉක්මවා නව යොවුන් වියට එළැඹෙන දියණියකට කායික, මානසික අභියෝග රැසකට මුහුණදීමට සිදුවෙනවා. මේ කාලයේදී සිරුරේ ද්විතීයික ලිංගික ලක්‍ෂණ මතුවීම සාමාන්‍ය දෙයක්. නමුත් ඇයට නම් එය නුහුරු අත්දැකීමක්. සිරුර වර්ධනය වීමත් සමඟම සිරුර විසින්ම යම් යම් අවශ්‍යතා ඉල්ලා සිටින අතර ඒවා හරිම සාමාන්‍යයි. බ්‍රෙෂියරයක් ඇඳීමේ අවශ්‍යතාවත් එවැන්නකි.

වයස අවුරුදු එකොළහ පමණ වන විට පපු ප්‍රදේශය වර්ධනය වීමේ ලකුණු පහළ වේ. ඒ වන විට මල්වර වී සිටියත් නැතත් සිරුර වර්ධනය වීම නොනවත්වාම සිදුවේ. කෙමෙන් කෙමෙන් වැඩෙන පපු ප්‍රදේශයත් තන පුඩුවත් ඇඟලා සිටින ඇඳුම් පැලඳුම් මඟින් සැඟවීමට උත්සාහ කළත් එහිදී බ්‍රෙෂියරයක කාර්යය කිරීමට සමත් වෙනත් ඇඳුමක් නැත. නිල ඇඳුමට යටින් බැනියමක්, පෙට් කෝටයක් අන්දවා දැරිය පාසල් යවන බොහෝ මවුවරු තම දියණියට දැන් දැන් බ්‍රෙෂියරයක අවශ්‍යතාවක්ද පවතින බව වටහා ගැනීමට ප්‍රමාද වේ.

ර්‍ණදුවට දැන් බ්‍රෙෂියර් එකක් අඳින්න කාලය හරි” දුවක් ඉන්න සෑම මවක්ම මේ වාක්‍යය කිවයුතු නිසි කාලය ස්වභාවයෙන්ම අවබෝධ කරගත යුතුය. ඒ වගේම ර්‍ණඅම්මේ මටත් දැන් බ්‍රෙෂියර් එකක් අඳින්න ඕනේ” යනුවෙන් කීමට තරම් අම්මා සහ දුව අතර මනා සහසම්බන්ධතාවක් තිබිය යුතුය. බොහෝ ගැහැනු දරුවන් මෙවැනි කාරණා සම්බන්ධයෙන් ඉතා ලැජ්ජාශීලී වේ. අවශ්‍යතාව තිබුණත් ඒ පිළිබඳ මව සමඟ කතා නොකරන්නේ ඒ නිසාය. නමුත් සඟවාගත යුතු ශරීර අවයව ඇඳුම් අතරින් විනිවිද පෙනීම නිසා සමාජය ඉදිරියේ අපහසුතාවට පත්වනවාට වඩා ඒ සඳහා විසඳුම් ලබාගැනීම ඉතා වැදගත්ය.

ජීවිතයේ ප්‍රථම වතාවට බ්‍රෙෂියරයක් අඳින දියණිය මුහුණ දෙන මුල්ම ගැටලුව තමයි මිතුරු මිතුරියන්ගේ විහිළු තහළුවට ලක්වීම. මේ නිසාම බොහෝ දියණියන් බ්‍රෙෂියර් අඳින්න මැළිකමක් දක්වනවා.

බ්‍රෙෂියරය අඳින්නෙ නැත්නම්
පියවුරු විශාල වෙනකල්ම බ්‍රෙෂියර් අඳින්නෙ නැතිව උරපතු නවාගෙන කුදු වෙලා තමන්ගේ පියයුරු සඟවා ගැනීමට උත්සාහ දරන නව යෞවනියන් අපට හමුවෙනවා. මේක පුරුද්දට ගියාම කුදුවෙන්න වුණත් පුළුවන් පසුකාලීනව.
ඒ වගේම තමයි පියයුරු වර්ධනයත් එක්ක දියණියට බලපෑම් කිහිපයක් ඇති වෙනවා. ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වල නිරත වන සහ නර්තනය, ජිම්නාස්ටික් හදාරන දියණියකට බ්‍රෙෂියර් එක අනිවාර්ය වෙනවා. නැතිනම් පැනීම් දිවීම් ආදියේදී පියයුරු සෙලවීම නිසා වේදනාවට ලක්වීම වගේම අන් අයගේ සමච්චලයට ලක්වීමටත් සිදුවෙනවා.

අලුත් අත්දැකීමක්
පියයුරු වර්ධනය වීමත් එක්ක ඇය සමාජයට මුසුවීමට බියක් දක්වනවා. බ්‍රෙෂියර් එක ඇන්දට පසු ඇඟට හිර ඇඳුම් විනිවිද පෙනෙන සහ සැහැල්ලු ඇඳුම් ඇඳීමට මැළිකමක් දක්වන්න පටන් ගන්නවා. ඒ වගේම නිතරම මිතුරියන්ගෙන් අහන්න ගන්නවා ර්‍ණපේනවද, කැතැයිද” කියලා.

බ්‍රෙෂියරයට කැමැති නැද්ද
මේ විදියට එක පුංචි හේතුවක් නිසා ඇය විශාල මානසික පීඩනයකට ගොදුරු වෙනවා. ඒ වගේම නුහුරු බව සහ සිරුරට අධික ලෙස සිරවූ බ්‍රෙෂියර් ඇඳීම නිසාත් ගැටලුවලට ලක්වෙනවා. මේ විදියට අකැමැත්තෙන් බ්‍රෙෂියර් අඳින නිසා සමහර දියණියන් ආසාදනවලට පවා ලක්වෙනවා.
අමුතු ඇඳුමක් නෙවෙයි
බ්‍රෙෂියර් එකක් කියලා කියන්නෙත් සාමාන්‍ය යට ඇඳුමක්. එහි කිසිම අමුතු විශේෂත්වයක් නැහැ. ඕනෑම යුවතියක් සිරුරේ හැඩය පවත්වාගන්න වගේම පියයුරුවල ආරක්‍ෂාව වගේ දේවල් හේතුකරගෙන බ්‍රෙෂියර් එකක් අඳිනවා.

බ්‍රෙෂියර් විලාසිතා
ඒ වගේම තමයි මුලින් කිව්වා වගේ අත් රහිත, විනිවිද පෙනෙන ඇඳුම් අඳින දියණියක් නම් ඇයටත් බ්‍රෙෂියර් ඇඳීමේ ගැටලුවක් නැහැ. පටි රහිත හා කළු පැහැති, සමේ පැහැයට හුරු ආදී ලෙස විවිධ වර්ගවල බ්‍රෙෂියර් වර්තමාන වෙළෙඳපොළ තුළ තිඛෙනවා.

ක්‍රීඩා කරන දුවලට
ක්‍රීඩා, නර්තන වැනි කටයුතුවල නිරතවන දියණියටත් බ්‍රෙෂියර් එක කියන්නේ ඉතාම වැදගත් දෙයක්. එයට හේතුව බොහෝ විට දිවීම, පැනීම සහ විවිධ නර්තන අභ්‍යාසවලදී අනවශ්‍ය පරිදි පියයුරු ගැස්සීම, සෙලවීම වැනි දේ වළක්වා ගැනීමට මෙන්ම සිරුරේ ලාලිත්‍යය පවත්වා ගැනීමටත් පියයුරු වැදගත් වීමයි.
නරක පුරුද්දක්
නුහුරු බව සහ අපහසු බවක් දැනෙනවා නම් අවශ්‍ය වෙලාවට පමණක් බ්‍රෙෂියර් එකක් ඇඳගෙන ඉඳලා පසුව නිවෙසේ සිටින විට බ්‍රෙෂියරයක් භාවිත නොකර සිටීමට හැකියි. නමුත් පියයුරුවල හැඩය හා ලස්සන ගැන සලකා බැලුවොත් එය එතරම් හොඳ පුරුද්දක් නොවේ.

ආසාදනය වෙනවාද
එසේම තමාට ආසාදන වැනි ගැටලු ඇතිවෙනවා නම් වෛද්‍යවරියක, හෙදියක හරහා ඖෂධ හා ආලේපන ලබා ගැනීමටත් සුදුසුයි. ආසාදන ඇති නොවන වෙලෝනා, කපු වැනි රෙදි වර්ගවලින් නිෂ්පාදිත බ්‍රෙෂියර් ඇඳීමටත් හැකියාව තිඛෙනවා.

එම නිසා බ්‍රෙෂියරයක් භාවිත කිරීම විශාල ගැටලුවක් ලෙස සැලකීමට අවශ්‍ය නැහැ. නමුත් බ්‍රෙෂියරයක් ඇඳීම අත්‍යවශ්‍ය කාරණයක් කියන එක අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතුයි. ප්‍රථම වරට බ්‍රෙෂියරයක් ඇඳීමට ඇති ලැජ්ජාවට ප්‍රධාන හේතුවක් ලෙස තමන් දැන් මහ ගැහැනියක වී ඇති බවට දැනෙන හැඟීමත් අම්මලා අඳින ඇඳුමටත් අඳින්න වුණා නේ යනුවෙන් දැනෙන හැඟීමක් හඳුනාගත හැකිය. නමුත් දැන් එසේ ලැජ්ජා විය යුතු කාලයක් නොවේ. බ්‍රෙෂියරය යන නමට පවා ලැජ්ජාවෙන් ඇඹරෙන දුවලට දැන් ඒ වෙනුවට ්‍ය්කෙ ඇිඑ යනුවෙන් නිෂ්පාදිත නව යෞවනියන් වෙනුවෙන්ම මසන ලද ඉතා හැඩකාර හුරුබුහුටි නව විලාසිතාවේ බ්‍රෙෂියර මිලදී ගැනීමට හැකියාව ඇත.

හංසි ආටිගල

Comments

Popular posts from this blog

පුරුශලිංගයේ ශක්තිය වැඩි කරගන්නේ මෙන්න මෙහෙමයි - අතිශයින්ම පිරිමින්ට

පුරුශ පුරුෂලිංගය  ශක්තිමත් බවින් හා ප්‍රමානයෙන් වැඩි කරවා ගැනීම පිරිමින් බොහෝ කැමති දෙයක්.ඒ සදහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න විමසා බලමු  ශිෂ්නය වඩා කාර්යක්ශම කර ගැනීමට නම් ඒ සදහාම වෙන් වු ව්‍යායාම ඇත. නමුත් මෙවා ප්‍රවේසමින් කල යුතු නිසා සරලම  තැන සිට පටන් ගත යුතුයි යම් ලිංගික උත්තේජයකින් ශිෂ්නය ස්වභාවිකවම විශාල වී රිජු වේ. එවිට මෙමෙ ව්‍යායාම ඇරඹිය හැක සාමාන්‍ය පුටුවක කෙලවරට වන්නට වාඩි වී ශිෂ්නයෙහි ඉහල කෙලවරට තුවායක් තබා වෙනත් කිසිදු සහයකින් තොරව එය ඔසවන්න උත්සහ කරන්න වෙහෙසකින් තොරව එය සිදු කිරීමට හැකි නම් දෙවන අදියරට යන්න. තුවාය හොදින් තෙත් කර බර වැඩි කර පෙර ක්‍රමයම අනුගමනය කරන්න. ඉන් පසු තුවාය මාරු කර ප්‍රමානයෙන් විශාල තුවායක් යොදා ව්යායාම කරන්න. අවශ්‍ය නම් ශිෂ්නයේ තෙල් ආලෙප කිරීම වරදක් නොවේ තවත් ව්‍යයාම ඇති මුත් පලමුව මෙය සති 2, 3 ක් ප්‍රගුන කරන්න. අවාසනාවට ශිෂ්නයෙ ප්‍රමානය ජාන පදනම මත තීරනය වේ. ආහාර මේ මත බලපෑමක් නැත. නමුත් කිරි බිත්තර සැමන් පීකුදු තක්කාලි කැරට් බතල වැනි ආහාර ව්‍යායාම සදහා ශිෂ්නයට ශක්තිය ලබා දේ

ස්ත්‍රී ලිංගයේ විවිධත්වය

ස්ත්‍රි වර්ගයාගේ ප්‍රජනක පද්ධතියේ බාහිරින් පිහිටා ඇත්තේ යෝනියයි.පුරුෂයන්ගේ ලිංගය මෙන්ම  ස්ත්‍රීන්ගේ ලිංගයත් අනන්‍ය වේ.එනම් එය එක් එක් ස්ත්‍රියගෙන් වෙනස් වේ.මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ස්ත්‍රී ලිංගයේ විවිධත්වයයි. ස්ත්‍රීන්ගේ යෝනිය දෙස බැලූ බැල්මට ඒවා සමාන යැයි පෙනේවි.නමුත් අපි හරියටම යෝනි මුව  දෙස බැලුව හොත් එහි විවිධ හැඩයන් තිඛෙන බව පෙනේවි යෝනියට පොදු හැඩයක් තිබේ යැයි කිව හැකිමුත් එහි තොල් වල පෙනුම මගින් ප්‍රභේදනය කල හැකිය. බොහෝ කාන්තාවන් ඔවුන්ගේ යෝනි තොල් වල ප්‍රමාණය සහ සමමිතිය සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවේ.සමහර කාන්තාවන්ගේ දුක් ගැනවිල්ල වනුයේ ඔවුන්ගේ යෝනි තොල් බොහෝ නෙරා ගොස් තිබේ යන්නයි. විශාල යෝනි තොල් ඇති යෝනියකට ඔබේ ශිශ්නය උත්තේජනය කල හැකිය මල් පෙත්තක් මෙන් වන මෙම තොල් මගින් ශිශ්නයට හොඳ සම්බාහනයක් දිය හැකිය. යෝනිය සියලුම වර්ගයේ මල්වලට සැසදීම වඩා උචිතම සැසඳීමද? පුලුල් වූ යෝනි තොල් අමතර ග්‍රාහිකා ලෙස ක්‍රියා කර පිරිමියාට තවත් හැඟීම් ඇති කරයි.ඊට අමතරව මුඛයෙන් කරනා ලිංගික ක්‍රියා නිසා වඩාත් සතුටුදායක හැඟීම් ජනිත කරයි.එය රදා පවතින්නේ හැඟීම මතයි. රූපවාහිනියේ ,චිත්‍රපටවල,...

දිනපතා ලිංගිකව එකතු උනොත් මොකද වෙන්නේ ? :

දිනපතා ලිංගික හැසිරීමෙන් ලැඛෙන ඔබ නොදත් වාසි 8ක් මෙන්න  හැමදාම ලින්ගික හැසිරි උනාම ලැඛෙන වාසි මොනවාද?කෙනෙක් කියන්න පුලූ‍වන් ලින්ගික් හැසිරිරෙන එකම වාසියක්නේ කියලා.එක්තරා විදියට ඔව්.එත් එය එසේ කිරීමෙන් ඔබ නොදන්නා වාසි රැසකුත් තිඛෙනවා.එවා තමා මේ 1.ප්රතිශක්තීකරණය ඉහල යැම ප්රතිශක්තීකරණය හෙවත් යම් රෝගයකට ඔබේ සිරුරේ දරා ගැනිමේ හැකියාව වැඩි කිරිමට දිනපතා ලින්ගික හැසිරිම දායක වෙයි කියා ඔබ මොහොතකටවත් සිතුවාද?දිනපතා ලින්ගික හැසිරිමෙන් ඔබේ සිරුරේ නව සෛල නිපදවා ඔබට ඇතිවිමට ඇති රෝග වලට සාර්තකව මුහුණ දීමට මෙම දෛනික ක්රියාව උපකාරි වේ. 2.පීඩනයන් අවම කිරීම දෛනිකව ලින්ගිකව එක් වීම තුලින් මනස නිරවුල් වී සිතට නව ප්රබෝධයක් ගෙන දෙයි.එමගින් මනසේ පීඩනය අවම කර ඔබට සැහැල්ලූ‍වක් ගෙන දෙනු ඇත. 3.වේදනාවන් සහනය කිරීම දිනපතා ලින්ගික එක් වීමෙන් ලැඛෙන තව වාසියක් තමා වේදනාවන් සහනය වීම.කොටින්ම කිව්වොත් ඔබේ ඔලූ‍වේ අමාරුවක් පවා සුව කිරීමට ලින්ගික හැසිරීමට පුලූ‍වන්.එ කොහොමද කියලා බලනවා ඇතිනේ? එක වෙන්නේ මෙහෙමයි.ඔබ සුරතාන්තයට )කඑතගා වෙලා එය ලැබුනාම හිසට හා මනසට එන සැනසීම සිහිපත් කරන්න.මතකද?කෙතරම් ඇස්විල්ලක් ලැඛෙනවාද?අන්න ...