අපි කව්රුත් කැමතියි පොඩ්ඩක් සුදු වෙන්න.හැබැයි ඉතින් ඔය කඩේ තියෙන එක එක cream ගලා මුණ සවුත්තු කර ගන්නවට වඩා හොදයි මොකුත් නොකර ඉන්න එක .එතකොට සල්ලි ටික හරි ඉතුරුයි.හැබැයි යාළුවනේ ඔයාලා දන්නවාද මුහුණ පැහැපත් කර ගන්න හොදම ක්‍රමය පුළුවන් තරම් ස්වභාවික ප්‍රතිකාර කරන එක කියලා.අනික ඒ වගේ දේවල් වලට ගොඩක් සල්ලි යන්නෙත් නෑ.හරි ඔන්න එහෙනම් අද විශ්ම ලෝකය තුලින් අපේ කෙල්ලෝ වගේම කොල්ලොන්ටත් පොඩ්ඩක් සුදු වෙන්න පුළුවන් වටිනා උපදෙස් ටිකක් දෙන්නම්.අපි දැන් මේ වැඩේ කරන්න පටන් ගන්න කොට මුලින්ම ඔබේ මුහුණ කළු වෙන්න බලපාන මුලික හේතු ටිකත් විනාශ කර ගෙනම ප්‍රතිකාර ක්‍රම ටිකත් ඒ එක්කම පටන් ගමු.
පුළුවන් තරම් අව්වේන් මුණ පරිස්සම් කර ගන්න.මොකද අව්ව තමයි අපේ සම අව පැහැ වෙන්න බලපාන ප්‍රධානම හේතුව.හිරු එළියේ තියෙන අල්ට්‍රා වයලට් (UV) කිරණ මගින් තමයි සමට මේ හානිය කරන්නේ.ඔබට අව්ව මග අරින්න බැරි නම් ඔයාට පුළුවන් Sun Block Cream එකක් use කරන්න.හැබැයි මතක තියා ගන්න මෙන්න මේක හොදට.ඔය Sun block cream වල තියෙනවා SPF කියලා අගයක්.අන්න එක 30 වගේ අගයක් තියෙන Sun block cream එකක් use කරන්න.එතකොට තමයි ඔයාගේ මුහුණ කළු වීමට බලපාන UV කිරණ 98% කින්ම ඔබේ සම ආරක්ෂා කර ගන්න පුළුවන් වෙන්නේ .තව දෙයක් කරන්න පුළුවන්.ඒ තමයි ඔයා එලියට යනකොට ලස්සන Fashionable cap එකක් hat එකක් ඔලුවේ දා ගෙන යන්න.එතකොට ඔයාට ගොඩක්ම අව්වෙන් පරිස්සම් වෙලා ලස්සනට ඉන්න පුළුවන්
සතියකට කීප වතාවක්ම ඔබේ සමේ මැරුණු සෛල ඉවත් කර ගැනීම මගින් ඔබේ මුහුනට හොද එළියක් ගන්න පුළුවන් .හැබැයි මේ විදිය මුහුණ පැහැපත් වීමක් වෙන්නේ ඉර එලිය නිසා ඔබේ මතු පිට සම ඇත්තටම හානි වෙලා ඔයාගේ සැබෑ සමේ වර්ණයට වඩා මතුපිට සම කළු වෙලා තියෙනවා නම් විතරයි.facewash එකක් මගින් මුහුණ මෘදු ලෙස පිරිමදිමින් හෝ clenser එකක් භාවිතා කරලා මේ දේ කරන්න පුළුවන්.facial වගේ දේවල් දිගටම කර ගෙන යන්න.මොකද ඔබේ මුහුණේ සම ස්භාවයෙන්ම කලුයි නම් එක දිගටම facial කරලා තමයි ගොඩ දා ගන්න වෙන්නේ.
පොල් වතුරින් මුහුණ හෝදන්න.
පුදුමයි නේද ? ඔව් පොල් වතුරින් මුණ හෝදලා ඒ වතුර මුනෙම වේලෙන කම් විනාඩි 20ක් විතර ඉන්න.පොල් වතුර වල පුදුම ගුණයක් තියෙනවා මුහුණේ මැරුණු සම ඉවත් කරලා මුහුණ සුදු කරන්න පුළුවන්.
දෙහි යුෂ වලින් මුහුණ සේදීම
දෙහි බෑයක් මිරිකලා එකට වතුර වතුර ටිකක්(මිරිකපු දෙහි යුෂ ප්‍රමාණයට සමාන) දාලා ඔයාගේ මුහුණේ පුළුන් කැල්ලක් වගේ දෙයකින් හොදින් අලේප කර ගන්න.ඊට පස්සේ විනාඩි 20ක් වගේ ඉන්න.එලියට එහෙම යන්න එපා.ඉර එලියට ඔයාගේ හම හානි වෙන්න පුළුවන්.විනාඩි 20ක් ඉදලා උනු වතුරෙන් මුහුණ හෝදලා දාන්න.දෙහි කියන්නේ ගොඩක් ප්‍රභල විෂබිජ නාශකයක්.දෙහි වල අඩංගු වෙනවා alpha-hydroxy කියන අම්ලය.ඒ මගින් මුහුණේ මැරුණු සම හොදින් ඉවත් කරලා මුහුණ සුදු කරනවා.සතියකට තුන් වතාවක් මේ දේ කරොත් හොද ප්‍රතිපල ගන්න පුළුවන්.
අල පෙත්තක් මුණේ ගාන්න
අල ගෙඩියක් අරන් හීනියට පෙති කපලා ඔබේ මුහුණේ අලේප කරන්න.හෙමිට හෙමිට ඔබේ සමේ අල පෙත්ත උලන්න.අල වල තියෙන විටමින් C නිසා මුහුණ පැහැපත් වීමක් සිද්ධ වෙනවා.අල වලට ඔයා ඒ තර ම් කැමති නැත්තම් පිපිංචා(cucumber) පෙති යොදා ගෙන මේ වැඩේ කරන්න.මුහුනේ ගාලා පෙති දෙකක් මුහුණ උඩ තියා ගෙන හිටියත් කමක් නෑ.ඊට පස්සේ ඒ ගාපු ටික හොදටම වෙලුනාට පස්සේ උනු වතුරින් හෝදලා දාන්න.මේ වැඩේ සතියකට කීප වතාවක් කරන්න.
අමු කහ olive තෙල් එක්ක mix කරලා මුහුණේ ගාන්න
අමු කහ හොදට තලලා කුඩු කර ගෙන එකට සමාන olive oil ටිකකුත් එකතු කරන් මුහුණේ ආලේප කරන්න.විනාඩි 20ක් වගේ තියලා උනු වතුරෙන් හෝදලා දාන්න.කහ වලට හැකියාව තියෙනවා මෙලනින් කියන සමේ අදුරු වර්ණය ඇති කරන සන්ගටකය නිෂ්පාදනය කරන එක අඩු කරවන්න.
මුහුණේ කොමාරිකා යුෂ ආලේප කිරීම
කෝමාරිකා වල තියෙනවා anthraquinone කියලා සන්ගටකයක්.ඒ මගින් සමේ මැරුණු සෛල ඉවත් කරලා මුහුණ පැහැපත් කරන බව විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා.ඔයලා හොදට හොයලා බැලුවොත් ඔය කඩේ තියෙන ගොඩක් මුහුණ පැහැපත් කරන්න ගාන cream ජාති වල මේ කෝමාරිකා අඩන්ගුයි.ඉතින් මොකට ද වැඩි ගානක් දීලා කඩේ තියෙන ජාරාව මුනේ ගාන්නේ.ගෙවත්තේ පොඩි කෝමාරිකා පලයක් වවාගන්න.එතකොට ඔයාට පුළුවන් ස්භාවික කෝමාරිකා වල ගුණය මගින් ඔයාගේ මුහුණ පහසුවෙන්ම සුදු කර ගන්න.කෝමාරිකා යුෂ මුහුණේ ගාල විනාඩි 20ක් තියලා උණුවතුරින් හෝදලා දාන්න.
අමු ගස්ලබු mask එකක් දාමු
ගස්ලබු වල තියෙනවා papaine කියලා එන්සයිමයක්.ඒ වගේම විටමින් C ත් තියෙනවා .ඒ මගින් සම පැහැපත් කරනවා.හැබැයි මතක තියන ගන්න ඔයා මේ mask එක දාන්න කොල පාට අමු ගස් ලබූ ගෙඩියක් යොදා ගන්න.එකට හේතුව තමයි ගස්ලබු ගෙඩිය අමු වෙන්න වෙන්න අර papaine කියන්න එන්සයිමය හොද තත්වයෙන් තියෙන නිසා.ගස්ලබු ගෙඩිය කලි කපලා blender කරලා මුහුණේ ගලා විනාඩි 20ක් තියලා උනු වතුරින් හෝදලා දාන්න
කඩල පිටි mask එකක් දාමු
කඩල පිටි මේස හැදී දෙකකට අවශය පමාන වතුර එකතු කරගෙන mask එක දාන්න අවශ්‍ය තලපය හදා ගන්න.ඊට පස්සේ එකට දෙහි යුෂ ටිකකුත් එකතු කරලා මුහුණේ ගාන්නකෝ.මතක තියා ගන්න මේක මුහුණේ ගාන කොට උඩු අතට ගාන්න.
ඒ වගේම ඔයාලට පුළුවන් මීපැණි එක්ක දෙහි යුෂ mix කරලා මුහුණේ ගාන්න
හරි එහෙනම් යාළුවනේ මේ ටික කරලා බලන්නකෝ
Comments
Post a Comment