Skip to main content

ලිගුවේ පෙරසම පසු පසට කල නොහැකිද? ශල්‍යකර්මයක් කරන්න වෙයිද?


පෙරසම ලිගුව ඉදිරියෙන් හැකිලී තිබීම (පසු පසට කල නොහැකිවීම) - මෙය චයසපදිසි ලෙස හදුන්වන අතර එය සාමාන්‍ය තත්වයක් නොවෙයි. මෙය බහුලව කුඩා ළමුන් අතර දක්නට ඇති අතර තරුණ අය අතරද දක්නට ලැඛෙන අවස්තා ඇත. ප්‍රධාන වශයෙන් දක්නට ඇත්තේ

- පෙරසම ලිගුව ඉදිරියෙන් හැකිලී තිබීම (පසු පසට කල නොහැකිවීම.)
- පසු පසට වූ සම නැවත ඉදිරියට දැමිය නොහැකි වීම.
- පෙර සම ආශ‍්‍රිතව ඇතිවන පිලිකා

මෙවැනි අවස්ථාවක ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද?
- මුත‍්‍රා කරන විට ලිගුව කෙලවර බැලූනයක ආකාරයට පිම්බීම
- මුත‍්‍රා ඈතට විද නොයෑම හෝ බිංදු බිංදු වැටීම
- මුත‍්‍රා කිරීමට අධික ලෙස තැටමීම.
- නිතර නිතර මුත‍්‍රාවල විෂබීජ තත්ව ඇතිවීම.
- සමහර අවස්ථා වලදී ලිගුව කෙළවරින් සුදු පැහැයට හෝ කහ පැහැයට දියරමය ද්‍රව්‍යකින් පිටවීම.
- විෂබීජ තත්ව ඇතිවීම. (ලිගුව කෙළවර රතු වී ඉදීමීම)
- වැඩිහිටියෙකුගේ නම් ලිංගික සංසර්ගයේදී දැඩි වේදනාවක් ඇතිවීම.
- පිටුපසට වූ සම නැවත ඉදිරියට දැමිය නොහැකි වීම.

ප‍්‍රථිකාර මොනවාද?
- මෙය වෛද්‍ය උපදෙස් ලබාගත යුතු තත්වයකි.
- ඉතා කුඩා දරුවෙකුගේ නම් වෛද්‍ය වරයා විසින් පරීක්‍ෂා කිරීමෙන් පසු ශල්‍යකර්මයක් අවශ්‍ය වන්නේද නැතිද යන වග තීරණය කරුණු ලබයි. සමහර අවස්ථාවලදී පවතින ස්වභාවය අනුව ක‍්‍රීම් වර්ගයක් (ස්ටීරොයිඞ් සහිත) ආලේප කර සම පිටුපසට කිරීමට උපදෙස් දෙනු ඇත. මෙය දිනකට කිහිප වතාවක් කිරීමෙන් සමහර දරුවන්ගේ යථා තත්වයට පත්වේ. එසේ නොවන අවස්ථා වලදී ශල්‍යකර්මයක් මගින් පෙර සම ඉවත් කිරීම වඩාත් යෝග්‍ය වේ.

මෙම ශල්‍යකර්මයේ අතුරු ආබාධ තිබේද?
විශේෂිත වූ අතුරු ආබාධ නොමැත. නමුත් ලිගුව කෙලවර කොටසෙහි ඇති සංවේදී බව අඩුවිය හැකි අතර එම කොටසට පහසුවෙන් තුවාල සිදුවීමේ හැකියාව ඇත.

පෙර සම ඉවත් කිරීමේ ශල්‍යකර්මයට පසු
- සාමාන්‍යයෙන් සුව වීමට සතියක් පමණ ගතවේ.
- ශල්‍යකර්මය කල දිනයේදීම හෝ පසුදින රෝහලින් පිටකරනු ලැබේ.
- මෙම ශල්‍යකර්මයට පසුදිනම ස්නානය කලහැක. අදාල ප‍්‍රදේශය ජලයෙන් සෝදා හැරිය හැකි වේ.
- විෂ බීජ නාශක ක‍්‍රීම් වර්ගයක් ආලේප කර කුඩා ගෝස් කැබැල්ලකින් දිනපතා ආවර්ණය කර තැබිය හැක.
- එය තෙත් වී ඇත්නම් වහාම ඉවත් කල යුතුය.

ශල්‍යකර්මය කිරීමට පෙර නිර්වින්දනය සිදුකෙරේද?
කුඩා දරුවන්ගේ මෙය කරන්නේ සම්පූර්ණයෙන් නිර්වින්දනය කිරීමෙනි. වැඩිහිටියන්ගේ මෙය හිරි වැට්ටවීමෙන් පසු කල හැක.

යම් හෙයකින් ලේ ගැලීමක් වුවහොත් කුමක් කල යුතුද?
ඉතා පිරිසිදු රෙදි කැබැල්ලකින් එතැන විනාඩි 10ක් පමණ තද කරගෙන සිටින්න. බොහෝ විට ලේ ගැලීම නවතී. එසේ නවතින්නේ නැතිනම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

ශල්‍යකර්මයට පසු වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුත්තේ කුමන අවස්ථාවේද?
- ලේ ගැලීම නැවතුනේ නැතිනම්
- සැරව ගැලීමක් ඇත්නම්
- සම්පූර්ණ ලිගුව රතුවී තිබේ නම්
- එක දිගටම කැක්කුම පවතින්නේ නම්

විශේෂයෙන් සැළකිය යුතු අවස්ථා
- දරුවන් නැහැවීමේ දී මෙන්ම ශරීර කෘත්‍යයන් කරගැනීමට නොහැකි වැඩිහිටියන් නැහැවීමේදී ද පෙර සම පිටුපසට කර එහි වූ සුදුපැහැති ද්‍රව්‍ය (ීපැටප්) සෝදා හැරීම කල යුතුය. මෙය ලිගුව කෙළවර තෙත්ව තබා ගැනීමට දිනපතා ඇතිවන ස‍්‍රාවයක් වන අතර එසේ දිගටම එකතු වීමෙන් ඒමත විෂබීජ තත්ව ඇතිවීමට පුළුවන.
මෙම හේතුව නිසාම බොහොමයක් වැඩිහිටියන් රොහල් ගතවන අවස්ථා ඇත. මීට අමතරව මෙය මුත‍්‍රාවල විෂබීජ ආසාදන තත්ව ඇතිකිරීමටද හේතු පාදක වේ.

Comments

Popular posts from this blog

පුරුශලිංගයේ ශක්තිය වැඩි කරගන්නේ මෙන්න මෙහෙමයි - අතිශයින්ම පිරිමින්ට

පුරුශ පුරුෂලිංගය  ශක්තිමත් බවින් හා ප්‍රමානයෙන් වැඩි කරවා ගැනීම පිරිමින් බොහෝ කැමති දෙයක්.ඒ සදහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න විමසා බලමු  ශිෂ්නය වඩා කාර්යක්ශම කර ගැනීමට නම් ඒ සදහාම වෙන් වු ව්‍යායාම ඇත. නමුත් මෙවා ප්‍රවේසමින් කල යුතු නිසා සරලම  තැන සිට පටන් ගත යුතුයි යම් ලිංගික උත්තේජයකින් ශිෂ්නය ස්වභාවිකවම විශාල වී රිජු වේ. එවිට මෙමෙ ව්‍යායාම ඇරඹිය හැක සාමාන්‍ය පුටුවක කෙලවරට වන්නට වාඩි වී ශිෂ්නයෙහි ඉහල කෙලවරට තුවායක් තබා වෙනත් කිසිදු සහයකින් තොරව එය ඔසවන්න උත්සහ කරන්න වෙහෙසකින් තොරව එය සිදු කිරීමට හැකි නම් දෙවන අදියරට යන්න. තුවාය හොදින් තෙත් කර බර වැඩි කර පෙර ක්‍රමයම අනුගමනය කරන්න. ඉන් පසු තුවාය මාරු කර ප්‍රමානයෙන් විශාල තුවායක් යොදා ව්යායාම කරන්න. අවශ්‍ය නම් ශිෂ්නයේ තෙල් ආලෙප කිරීම වරදක් නොවේ තවත් ව්‍යයාම ඇති මුත් පලමුව මෙය සති 2, 3 ක් ප්‍රගුන කරන්න. අවාසනාවට ශිෂ්නයෙ ප්‍රමානය ජාන පදනම මත තීරනය වේ. ආහාර මේ මත බලපෑමක් නැත. නමුත් කිරි බිත්තර සැමන් පීකුදු තක්කාලි කැරට් බතල වැනි ආහාර ව්‍යායාම සදහා ශිෂ්නයට ශක්තිය ලබා දේ

ස්ත්‍රී ලිංගයේ විවිධත්වය

ස්ත්‍රි වර්ගයාගේ ප්‍රජනක පද්ධතියේ බාහිරින් පිහිටා ඇත්තේ යෝනියයි.පුරුෂයන්ගේ ලිංගය මෙන්ම  ස්ත්‍රීන්ගේ ලිංගයත් අනන්‍ය වේ.එනම් එය එක් එක් ස්ත්‍රියගෙන් වෙනස් වේ.මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ස්ත්‍රී ලිංගයේ විවිධත්වයයි. ස්ත්‍රීන්ගේ යෝනිය දෙස බැලූ බැල්මට ඒවා සමාන යැයි පෙනේවි.නමුත් අපි හරියටම යෝනි මුව  දෙස බැලුව හොත් එහි විවිධ හැඩයන් තිඛෙන බව පෙනේවි යෝනියට පොදු හැඩයක් තිබේ යැයි කිව හැකිමුත් එහි තොල් වල පෙනුම මගින් ප්‍රභේදනය කල හැකිය. බොහෝ කාන්තාවන් ඔවුන්ගේ යෝනි තොල් වල ප්‍රමාණය සහ සමමිතිය සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවේ.සමහර කාන්තාවන්ගේ දුක් ගැනවිල්ල වනුයේ ඔවුන්ගේ යෝනි තොල් බොහෝ නෙරා ගොස් තිබේ යන්නයි. විශාල යෝනි තොල් ඇති යෝනියකට ඔබේ ශිශ්නය උත්තේජනය කල හැකිය මල් පෙත්තක් මෙන් වන මෙම තොල් මගින් ශිශ්නයට හොඳ සම්බාහනයක් දිය හැකිය. යෝනිය සියලුම වර්ගයේ මල්වලට සැසදීම වඩා උචිතම සැසඳීමද? පුලුල් වූ යෝනි තොල් අමතර ග්‍රාහිකා ලෙස ක්‍රියා කර පිරිමියාට තවත් හැඟීම් ඇති කරයි.ඊට අමතරව මුඛයෙන් කරනා ලිංගික ක්‍රියා නිසා වඩාත් සතුටුදායක හැඟීම් ජනිත කරයි.එය රදා පවතින්නේ හැඟීම මතයි. රූපවාහිනියේ ,චිත්‍රපටවල,...

දිනපතා ලිංගිකව එකතු උනොත් මොකද වෙන්නේ ? :

දිනපතා ලිංගික හැසිරීමෙන් ලැඛෙන ඔබ නොදත් වාසි 8ක් මෙන්න  හැමදාම ලින්ගික හැසිරි උනාම ලැඛෙන වාසි මොනවාද?කෙනෙක් කියන්න පුලූ‍වන් ලින්ගික් හැසිරිරෙන එකම වාසියක්නේ කියලා.එක්තරා විදියට ඔව්.එත් එය එසේ කිරීමෙන් ඔබ නොදන්නා වාසි රැසකුත් තිඛෙනවා.එවා තමා මේ 1.ප්රතිශක්තීකරණය ඉහල යැම ප්රතිශක්තීකරණය හෙවත් යම් රෝගයකට ඔබේ සිරුරේ දරා ගැනිමේ හැකියාව වැඩි කිරිමට දිනපතා ලින්ගික හැසිරිම දායක වෙයි කියා ඔබ මොහොතකටවත් සිතුවාද?දිනපතා ලින්ගික හැසිරිමෙන් ඔබේ සිරුරේ නව සෛල නිපදවා ඔබට ඇතිවිමට ඇති රෝග වලට සාර්තකව මුහුණ දීමට මෙම දෛනික ක්රියාව උපකාරි වේ. 2.පීඩනයන් අවම කිරීම දෛනිකව ලින්ගිකව එක් වීම තුලින් මනස නිරවුල් වී සිතට නව ප්රබෝධයක් ගෙන දෙයි.එමගින් මනසේ පීඩනය අවම කර ඔබට සැහැල්ලූ‍වක් ගෙන දෙනු ඇත. 3.වේදනාවන් සහනය කිරීම දිනපතා ලින්ගික එක් වීමෙන් ලැඛෙන තව වාසියක් තමා වේදනාවන් සහනය වීම.කොටින්ම කිව්වොත් ඔබේ ඔලූ‍වේ අමාරුවක් පවා සුව කිරීමට ලින්ගික හැසිරීමට පුලූ‍වන්.එ කොහොමද කියලා බලනවා ඇතිනේ? එක වෙන්නේ මෙහෙමයි.ඔබ සුරතාන්තයට )කඑතගා වෙලා එය ලැබුනාම හිසට හා මනසට එන සැනසීම සිහිපත් කරන්න.මතකද?කෙතරම් ඇස්විල්ලක් ලැඛෙනවාද?අන්න ...