Skip to main content

කසාද බඳින්නද යන්නෙ

ඇයි කසාද බඳින්නෙ? ප්‍රේමයේ ඵල නෙලන්නද රෑ ලෝකාපවාදයෙන් බේරිලා අහවල් වැඩේ කරන්නද රෑ වටේ පිටේ ඉන්න අය කියන නිසාද? එහෙමත් නැත්නං වයසට ගිහිල්ල තනිවෙනවට බයේද?

මං නං අඩු වැඩි විදියට ඔය හේතු කිහිපයි ලියන්න කියන්න නොතේරෙන හේතු කිහිපයකුයි නිසා. කොයි කොහොම උනත් මං දැං බැඳලා. ඒක එතනින් අහවරයි. එතනින් පස්සෙ තමයි හොඳ සෙල්ලං තියෙන්නෙ.

ඒව ගැන නෙමෙයි මේ ලියන්න යන්නෙ. ඊට කලින් හිතන්න ඕන දේවල් කිහිපයක් ගැන….

බඳින්න නම් ඉන්නෙ\ ඊට කලින් හොඳට හිතල බලන්න කවුද බඳින්න යන්නෙ කියල. මම දැක්ක කොහේ හරි බ්ලොග් පෝස්ට් එකක තියනව ර්‍ණහදිස්සියේ විවාහ වන්නා නිවිසැනසිල්ලේ පසු තැවේ” වගේ අදහසක්. මට හිතෙන විදියටනම් ඒක හරි.

මම විවාහ උනේ ප්‍රේම සම්භන්දකම් හතරකට ඤපහකට .... රෑ% පස්සෙ. ඒවායින් එකක් නම් පොරොන්දම් බලල නැකැත් තීරණය කරන තැනටම දුරදිග ගියා. ඒත් පහුවදා උදේ බෑ කියල හිතිල සභා තොමෝ සතුටින් නොවුනත් විසිර ගියා. අනිත් ඒවත් එච්චර දුර දිග නොගියට එක්කෝ මට බෑ කියල හිතිච්ච නැත්නම් අනිත් පාර්ශවයට බෑ කියල හිතිච්චා.

මම හිතන්නෙ එදා කොච්චර අමාරුවෙන් හරි බෑ කියල කියාපු නිසා අද හිතේ සන්තෝසය ඉතුරු වෙලා කියල. ඒක නිසා හිත සීයට සීයක් එකඟතාවයකට එනකන් විවාහයට ර්‍ණහා” කියන්න එපා.

බොහෝමයක් වෙලාවට ඔබ සහ මම යමෙකු හා ප්‍රේමයෙන් බැ‍ඬෙන්නේ හැබෑවටම ඔවුන්ව දැකල නෙමෙයි. සමහර විට ඒ බැඳීමට මූලික වෙන්නෙ\ ලස්සන පා යුගලක්\ ලස්සන හිසකෙස් කඹක්\ ලස්සන උල් වූ නහයක්\ හා තව තවත් අනන්ත වූ පුද්ගල බද්ධ භෞතික ස්පර්ශක කාරනා.

ආරම්භයකට එය එතරම් වරදක් නොවෙන්නෙ ලංකාවෙ අපිට විරුද්ධ ලිංගිකයන් යම්තාක් දුරකට ෆැන්ටසියක් නිසා. ඒත් දීර් කාලීන බැඳීමකට යන්නේනම් ඔබ එම මානයන්ගෙන් ඔබ්බට යා යුතුයි. මොකද ඔබට ලස්සන පා යුගලක්\ නාසයක් එක්ක විතරක්ම පවුල් කන්න බැරි නිසා.

ඔබ ප්‍රේමයෙන් ගතකරන කාලයේ කොයියම් ම මොහොතක හෝ සිතුනොත් යම් දෙගිඩියාවක්\ වහාම නවතින්න ` සිතන්න ` සාකඡාකරන්න ` ඇතැම්විට එය නොසලකා හැරිය හැකි තරම් දෙයක් වෙන්න පුළුවන්. ඒත් අමතක කරන්න එපා වැවි බැම්මට පුංචි සිදුරත් දීර්කාලීනව බලපානව. ඒ මදිවට වැවෙන් පෝෂණය ලබන අයටත් මහා විනාසයක් ගෙනදෙනව.

එහම හිතනකොට ඔබට හිතුනොත් මේ සම්භන්දයෙ කෙවර තියෙන්නෙ නොසතුටක් කියල\ ඔබ මොකක් කරාවිද රෑ

ඔබ කුමක් කරයිද කියල කියන්න මම නොදන්නවට මම දන්නව මම ඒ වගේ වෙලාවට මොකක්ද කලේ කියල. දෙනෝදාහක් එපා කියද්දි\ ර්‍ණඔයා නැති වුනොත් මම මැරෙනව” කියද්දි සමාදානයෙන් මම පැත්තකට උනා. බොහොම අමාරුයි\ බොහෝම වේදනායි\ බොහෝම කේන්තියි. ඒත් ඒ ටික කලකට විතරයි. අවුරුදු පනහක හැටක සතුට වෙනුවෙන් අවුරුද්දක දුකක් නොසලකා හරින්න පුළුවන්. දැන් හැමෝම සතුටින් `

ඇතැම් විටක ඔබට සම්භන්ධයක් නවත්වන්න උවමනාවක් ආවත්\ යාළුවො\ දෙමාපියො\ නෑදෑයො මොනවා කියයිද කියල බයේ ඒ තීරණය ගන්න පසුබට වෙනව. මට එක සම්භන්ධයක් නවත්වන්න ඕන වෙච්ච වෙලාවක යාළුවෙලා උන්නු ගෑණුමයගෙ පුංචිඅම්මගෙ දුව මාත් එක්ක තරහ වෙයි කියල ඒ තීරණය කල් දැම්ම. තවත් වෙලාවක යාළුවො බනීවි කියලත් කල් දැම්ම. එදා ඒ කාරණා බොහොම ලොකුවට දැක්කට අද වෙනකොට ඒ දේවල් ූණු පොත්තක් තරම් වත් වැදගත් නැති කාරනා.

ඒක නිසා හැම විටම තමන්ගේ හිතට ඇහුම් කන් දෙන්න පුරුදුවෙන්න. ජීවිතයේ බොහෝම බරපතල කාරණා ගැන තීන්දු තීරණ ගනිද්දි අද ගැන නෙමෙයි\ අනාගතයය ගැනත් හිතන්න. හැම කෙනෙක්ටම සවන්දෙන්න. ඊටපස්සෙ ඇනලයිස් කරල බලන්න. එන රිසල්ට් එකට අවංකව මූණ දෙන්න.

විවාහ උනාට පස්සෙ මොනවද වෙන්නෙ රෑ

කිසිම වෙනසක් වෙන්නෙ නෑ. හැමදෙයක්ම සාමාන්‍ය විදියට ගතවෙනව අමතර වගකීම් රාශියකුත් එක්ක. ඔබ විවාහවෙන්නෙ කානිවල් එකකට ඇතුළුවෙන හැඟීමෙන් නම් ඔබ ගේට්‍ටුවෙන් ඇතුළුවූ වහාම බලාපොරොත්තු කඩකර ගන්නව.

විවාහය මිනිස්සු වෙනස් කරන්නෙනම් නෑ කොහෙත්තම. ඇතැම් විට ඔබ විවාහ වෙලානම්. ඔබට හිතෙනවනම් අනෙකා විවාගයෙන් පස්සෙ වෙනස් කියල\ ඔබ ඒ වෙනකල් මුාවක ඉඳල තියෙන්නෙ. අනෙකාගේ සැබෑව ඔබ දකින්න උත්සාහ කරල නෑ. එහෙමත් නැත්නම් ඉඳ හිටක දැක්කත් ර්‍ණපස්සෙ ඕව හරියයි” කියල හිත රවට්ටගෙන.

ආයෙමත් කියනව\ මිනිස්සු වෙනස් කරන්න බෑ. එහෙමත් නැත්නම් හරිම අමාරුයි. හැබැයි අවංකවම ඔවුනට වෙනස් වෙන්න උවමනාවක් තියනවනම් පුළුවන්. ඒ උවමනාව ඇතිවෙන්නෙ තමන් දැන් දරන ස්ථාවරය වැරදියි කියල තේරුම් ගනිපු කෙනෙක් තුල විතරයි. හැම අතකින්ම තමන්ගේ ක්‍රියාවන් සර්ව සාධාර්ණයි කියල හිතන්න පුරුදු වෙච්ච මිනිස්සුන්ට තමන්ගෙ ස්ථාවරය වැරදියි කියල පිිගන්න තියන ඉඩකඩ හැන මටනම් තියෙන්නෙ ලොකු සැකයක්.

ඒ වගේම අමත කරන්න එපා විවාහයට පෙර ප්‍රේමයෙන් ගතකරන කාලයේ අනෙකා ඔබට පෙන්වන්නෙ සැබෑවම නොවෙයි කියලත්.ඤමේක ස්වාභාවිකවම ඇතිවන්නක් මිසක් අනිකා මුලා කරන්න හිතාගෙන සිද්ධවෙන දෙයක් නෙමෙයි මගේ දැනුමෙ හැටියටනම්% ඔබ සෑම විටම මනස විවෘතව විචක්ෂණශීලීව පවත්වාගෙන යන්න ඕනෙ ඉඳ හිටක හමන හුලඟකට මෑත්වෙන තිරයෙන් පි‍ටුපස හිඳිනා අනෙකාව දකින්න. ඔබ ප්‍රේමයේදි අනෙකාට අවංක නම් පෙරා ඔබවෙත අවංකත්වය එයි. ඔබේ හිතේ සතුට පවතියි. ඔබ කොතැනද අනෙකාව මුලා කරන්නෙ\ එතනයි ඔබ ‍රැවටෙන්නට පටන්ගන්නේ ඔබේම බොරුවෙන් මුලාවූ අනෙකාට.

විවාහයට පෙර සිදුවන ප්‍රේමය අත්පත් කරගැනීම හා පවත්වා ගැනීමේ උත්සාහය විවාහයෙන් පස්සෙ ඉබේටම හීන වෙලා යන්නෙ ර්‍ණඔබ මගේ\ මම ඔයාගේ අපි දෙන්න දැන් එක්කෙනෙක්” කියන සමාජය විසින් බලෙන් ප්‍රේමවන්තයන්ගෙ කරමත පටවපු තඩි බොරුවට යටවෙලා. පුද්ගලයන් දෙදෙනෙක් කිසිම වෙලාවක එක්කෙනෙක් වෙන්නෙ නෑ. විශේෂයෙන්ම විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙක්.

ඔබ පිලිගන්න සූදානම් නම් ඔබ හා අනෙකා දෙදෙනෙක්\ ඔබ දෙදෙනාගේ අවශ්‍යතාවයන් දෙවිදියක්\ සතු‍ටු වෙන්නෙ වෙනස් ක්‍රම වලින්. හිතන්නෙ පතන්නෙ හිත් දෙකෙකින්. ජීවන පුරුදු දෙවිදියක්. කොටින්ම ඔබ දෙදෙනා එක වහලක් යට ජීවත්වෙන පුද්ගලයන් දෙදෙනෙක් කියල\ එතන ඉඳල ඔබ දෙදෙනා අතරෙ තියන හිස් ඉඩ සතුටින්\ සමාදානයෙන්\ අදරයෙන්\ ඉවසීමෙන් පිරිලයනව. එහෙම නැතුව අපි දෙන්නා දැන් එක්කෙනෙක් කියල හිතනවනම් ඔබ දෙදෙනා අතරෙ තියන හිස් ඉඩ පිරිල යන්නෙ පසුතැවිල්ල\ කේන්තිය\ වෛරය වගේ භින්නාත්මක ආකල්ප වලින්.

හැම දෙයක්ම මුලදී සැක කරන්න\ විමසන්න\ අවබෝධයෙන් පිරික්සන්න. පිිතුරු දැනගන්න\ සැකය සමනය කරන්න. ඉන් අනතුරුව මිසක් විශ්වාසයේ පදනම අතුරන්න එපා. පදනම ශක්තිමත් නම් ඔබට ඔබේ විවාහ ජීවිතට බොහෝම උසට ගොඩනඟන්න හැකි වෙයි. මොකද සාර්ථක ජීවිතයක් කියන්නෙ ගොඩනැගිල්ලක්\ වෘක්ෂයක් වගේ සිරස් අතට මිසක් වැලක් වගේ තිරස් අතට ගමන් නොකරන්නක් නිසා.

මම කියන්නෙ නෑ ඔබටත් මේ ලියල තියන දේවල්ම කරන්නය කියල. ඔබ කැමතිනම් පිලිගන්නත් අකමැතිනම් පිලිනොගන්නත් පූර්ණ අයිතිය ඔබ සතුයි. මොකද ඔබේ ජීවිතයට වගකියන්නෙ ඔබම මිසක් මම හෝ ඔබේ අනෙකා හෝ වෙනයම් කිසිවෙක්වත් නොවෙන නිසා.

Comments

Popular posts from this blog

පුරුශලිංගයේ ශක්තිය වැඩි කරගන්නේ මෙන්න මෙහෙමයි - අතිශයින්ම පිරිමින්ට

පුරුශ පුරුෂලිංගය  ශක්තිමත් බවින් හා ප්‍රමානයෙන් වැඩි කරවා ගැනීම පිරිමින් බොහෝ කැමති දෙයක්.ඒ සදහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න විමසා බලමු  ශිෂ්නය වඩා කාර්යක්ශම කර ගැනීමට නම් ඒ සදහාම වෙන් වු ව්‍යායාම ඇත. නමුත් මෙවා ප්‍රවේසමින් කල යුතු නිසා සරලම  තැන සිට පටන් ගත යුතුයි යම් ලිංගික උත්තේජයකින් ශිෂ්නය ස්වභාවිකවම විශාල වී රිජු වේ. එවිට මෙමෙ ව්‍යායාම ඇරඹිය හැක සාමාන්‍ය පුටුවක කෙලවරට වන්නට වාඩි වී ශිෂ්නයෙහි ඉහල කෙලවරට තුවායක් තබා වෙනත් කිසිදු සහයකින් තොරව එය ඔසවන්න උත්සහ කරන්න වෙහෙසකින් තොරව එය සිදු කිරීමට හැකි නම් දෙවන අදියරට යන්න. තුවාය හොදින් තෙත් කර බර වැඩි කර පෙර ක්‍රමයම අනුගමනය කරන්න. ඉන් පසු තුවාය මාරු කර ප්‍රමානයෙන් විශාල තුවායක් යොදා ව්යායාම කරන්න. අවශ්‍ය නම් ශිෂ්නයේ තෙල් ආලෙප කිරීම වරදක් නොවේ තවත් ව්‍යයාම ඇති මුත් පලමුව මෙය සති 2, 3 ක් ප්‍රගුන කරන්න. අවාසනාවට ශිෂ්නයෙ ප්‍රමානය ජාන පදනම මත තීරනය වේ. ආහාර මේ මත බලපෑමක් නැත. නමුත් කිරි බිත්තර සැමන් පීකුදු තක්කාලි කැරට් බතල වැනි ආහාර ව්‍යායාම සදහා ශිෂ්නයට ශක්තිය ලබා දේ

ස්ත්‍රී ලිංගයේ විවිධත්වය

ස්ත්‍රි වර්ගයාගේ ප්‍රජනක පද්ධතියේ බාහිරින් පිහිටා ඇත්තේ යෝනියයි.පුරුෂයන්ගේ ලිංගය මෙන්ම  ස්ත්‍රීන්ගේ ලිංගයත් අනන්‍ය වේ.එනම් එය එක් එක් ස්ත්‍රියගෙන් වෙනස් වේ.මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ස්ත්‍රී ලිංගයේ විවිධත්වයයි. ස්ත්‍රීන්ගේ යෝනිය දෙස බැලූ බැල්මට ඒවා සමාන යැයි පෙනේවි.නමුත් අපි හරියටම යෝනි මුව  දෙස බැලුව හොත් එහි විවිධ හැඩයන් තිඛෙන බව පෙනේවි යෝනියට පොදු හැඩයක් තිබේ යැයි කිව හැකිමුත් එහි තොල් වල පෙනුම මගින් ප්‍රභේදනය කල හැකිය. බොහෝ කාන්තාවන් ඔවුන්ගේ යෝනි තොල් වල ප්‍රමාණය සහ සමමිතිය සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවේ.සමහර කාන්තාවන්ගේ දුක් ගැනවිල්ල වනුයේ ඔවුන්ගේ යෝනි තොල් බොහෝ නෙරා ගොස් තිබේ යන්නයි. විශාල යෝනි තොල් ඇති යෝනියකට ඔබේ ශිශ්නය උත්තේජනය කල හැකිය මල් පෙත්තක් මෙන් වන මෙම තොල් මගින් ශිශ්නයට හොඳ සම්බාහනයක් දිය හැකිය. යෝනිය සියලුම වර්ගයේ මල්වලට සැසදීම වඩා උචිතම සැසඳීමද? පුලුල් වූ යෝනි තොල් අමතර ග්‍රාහිකා ලෙස ක්‍රියා කර පිරිමියාට තවත් හැඟීම් ඇති කරයි.ඊට අමතරව මුඛයෙන් කරනා ලිංගික ක්‍රියා නිසා වඩාත් සතුටුදායක හැඟීම් ජනිත කරයි.එය රදා පවතින්නේ හැඟීම මතයි. රූපවාහිනියේ ,චිත්‍රපටවල,...

මදුසමයේ පළ මු ලිංගික ඒක්වීමේදී සැලකිය යුතු වැදගත් කරුණු

මදුසමය නැතිනම් පළමු රාත්රිය යනු ලිංගිකව ඒක්වීමම පමණක් නොවේ. අනාගතයේ ජීවිතය ගෙන යන සහකරු සහකාරිය සමග අනාගතය ගැන කතා කිරීමට ඇති හොදම වෙලාවයි. ඇය සමග අතීතය ගැන කතා කරන්න. අනාගත සැලසුම් ගැන කතා කරන්න. අතරින් පතර විහිලූ‍ද කරන්න.වඩාත් වැදගත් වන ලිංගික කාරණාද කතා කරන්න.ඒසේම ඔබ ලිංගිකව ඒක්වීමට පෙර සැලකිය යුතු වැදගත් කරුණු රාශියක් ඇත. 1.හොදින් පිරිසිදු වන්න- දවස පුරා මහන්සි වී ඇති නිසා හොදින් ස්නානය කර සැහැල්ලූ‍ වන්න.ඒය ඔබට තරමක අස්වැසිල්ලක් වනු ඇත 2.සෙමෙන් ඇයට ලං වන්න- ඒක වරම ලිංගිකව ඒක් නොවී සෙමෙන් සෙමෙන් විවිධ දේ කතා කරන අතරම ඇගේ වස්ත්රයන් ඒකින් ඒක ගලවන්න. 3.සිප ගන්න- ඇගේ ශරීරයම සිප ගන්න. කාන්තාවන් තොල්,ඛෙල්ල,නළල,ලිංගේන්ද්රය අවට ප්රදේශ සිප ගන්නවාට විශාල කැමැත්තක් දක්වයි. 4.ඇයව සිනහ ගස්සන්න- කිති කවමින්,විහිලූ‍ තහලූ‍ කරමින් ලිංගිකව ඒක්වීමේදි සිනහ ගස්සන්න. 5.හිමින් කරන්න- මුල් අවස්ථාවේදි හෙමින් ලිංගිකව ඒක්වන්න. සෙමෙන් සෙමන් වේගය වැඩිකරන්න.  6.මුල්ම ඒක්වීමේදි කන්‍යා පටලය බිදීම සිදුවන විට(කන්‍යා පටලය පිහිටා තිබුනොත්) ඇයට වේදනාවක් ගෙන ඒයි. ඒය ගැන තැකීමක් නොකරන ලෙස ඇයට පවසන්න. ඇය සිඹිමින...